දෙලොවක් අතර: සවින්ඥානික මංමුළාවක ප්‍රීතිය

අපේ අම්මා අදටත් මට නිතරම කියන කතාවක් තමයි මම “මේ ලෝකේ නෙමෙයි ඉන්නේ” කියන එක. දවසකට දෙකකට ගෙදර ගියත් ඕක කීප පාරක් අහන්න වෙනවා. ඇත්ත. මම හුඟාක් විට මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. බාහිර ලෝකෙට නෑරිච්ච, ඒකට කිසිම සම්බන්ධයක් නැති, වෙනමම ලෝකයක් මගේ ඔළුව ඇතුලේ පුංචි කාලේ ඉඳන්ම තිබුන. අම්මා ඒක දැන් මගේ වැරැද්දක් හැටියට දැක්කට ඇත්තටම මට ලෝක දෙකකට දොරගුළු ඇරගන්න යතුර අතට දුන්නේ එයාමයි.

පොඩි කාලේ එයා කොළඹ පීපල්ස් පබ්ලිෂින් හවුස් එකෙන් මට ලස්සන පොත් අරන් අවා. මාෂා සහ වළහා, හත් පෙති මල, ලස්සන වසිලිස්සා වගේ සිංහලට පරිවර්තනය කරපු රුසියන් පොත්. පාට පිරුණු චිත්‍ර වගේම පිටු පෙරලනකොට පිටු ඇතුලෙන් උඩට මතුවෙන පැපිය මාශේ  වළහා ඔන්‍න‍ මාෂා පස්සෙන් පන්නනවා. එතකොට එයා දුවන් යන්නේ සුදු පාට කඳන් වල අළු ඉරි වැටුන පොප්ලර් කැලයක් මැද්දෙන්. එහෙමත් නැත්නම්, දුප්පත් අහිංසක වසිලිස්සා බාබයිගා යකින්නගේ කුකුල් කකුල් මත කැරකෙන අම්බලම දිහා බලං ඉන්නවා බිරියෝසා ගහකට මුවා වෙලා. තාර පැටවු මී පැටවු එහෙ මෙහෙ දුවන රුසියානු කුස්සියක ගෝවා සුප් එකක් උදුන මත දුම් දානවා. වසිලිස්සාට බඩගිනියි. හැබැයි, යකින්න එන්න කලින් ඒකෙන් පොඩ්ඩක් බඩට දාගෙන පැන ගන්න එයාට පුළුවන් වෙයිද?

(රුසියානු චිත්‍ර ශිල්පීන්ගේ ලස්සන පොත් කවර මෙන්න මේ බ්ලොග් එකේ, ඕනේ නම් බලන්න http://librarything-svetlana.blogspot.com/)

ඒ එක්කම අම්මා මට ගෙනත් දෙනවා ලස්සන ඉංග්‍රීසි පොත්. බ්ලැක් බියුටි, සීක්‍රට් ගාඩන්, ස්විස් ෆැමිලි රොබින්සන් වගේ ඒවා. යෝක්ෂයර් දෙණියාය හරහා අඬන දොඩන හුළඟත් එක්ක නන්නාදුනන ලොකු වලව්වක තනි උන මේරි ලෙනොක්ස් රහස් ගෙඋයනක් හොයා ගන්න හැටි, කොර ගහන පුංචි කොලින් එක්ක යාළු වෙලා එයාව සුව කර ගන්න හැටි, රොබින් කුරුල්ලොත් එක්ක කතා කරන හැටි අවුරුදු විසි ගානකට පස්සෙත් චිත්‍රපටියක් වගේ ලස්සනට මැවිලා පේනවා. ටිකින් ටික ඉනිඩ් බ්ල්යිට්න්ගේ චරිත ගොන්න හොඳම යාළුවන් බවට පත උනා. ජුලියන්, ඈන්, ජෝජ්, ඩික් බයිසිකල් රේස් යද්දී ටිමී ඒ පස්සෙන් දුවනවා. ඉස්කෝලේ යන්න කැමති නැති නොටියස්ට් ගර්ල්, ගහක අතුපතර වෙනම ලෝකයක් මවන මැජික් ෆා අවේ ට්‍රී වගේ පොත් වලින් නැන්සි ඩෲ, හාඩි බෝයිස් දක්වා ලොකු වෙනවා.

අනිත් අතින් ඔන්‍න‍ මට හම්බවෙනවා පුෂ්කින්ගේ කපිතන්ගේ දියණියෝ. ගොගොල්ගේ රතු මලක් පපුවට තද කරගෙන මැරෙන උම්මත්තකයා. කරලේන්කොගේ අඳ වාදකයා. පාවෙල්ට නතාෂා හම්බවෙනවා. පාවෙල් බොල්ෂෙවික් පක්ෂයට බැඳෙනකොට මට අවුරුදු දහයක් ඇති. ගෝර්කිගේ අම්මා කියවල ඉවර කලේ මම ශිෂ්‍යත්ව විභාගයට කලින් දා. විභාගෙන් නම් ෆේල් උනා. හැබැයි වාමාංශික දේශපාලනේ ගැන මල පොතේ අකුරක් නොදන්න කාලේ කියවපු ඒ කතන්දරේ අංශු මාත්‍රයන් ඔළුවේ කොහේ හරි පැල පදියම් වෙලා තියෙන්න ඇති. ඊට‍ පස්සේ දුයිෂෙන්ට  අල්තීනායි හම්බවෙනවා. පුංචි අල්තිනායිව නාකියෙකුට විකුණුවහම දුයිෂෙන් උන් පස්සෙන් පන්නනවා ස්ටෙප්ස් තෘණ භූමි හරහා නොකා නොබී. බේරාගෙන  ඇවිත් ආපහු එයාට ඉස්කොලේ යන්න කියනවා. දෙන්නත් එක්ක ගිහින් කඳු මුඳුනේ පොප්ලර් ගස් දෙකක් ඉන්දනවා. ගුරු ගීතය තරම් අමතක කරන්න බැරි පොතක් තියෙනවද? ඒ අල්තීනායිගේ පළමු ගුරුවරයා.

ඩු මොරියර් ගේ රෙබෙකා, ෆ්‍රෙන්ච්මනස් ක්‍රීක්, ජමෙයිකා ඉන්, ස්කේප් ගෝට්  වගේ පොත් මට දෙන්නේ මගේ පළමු ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුතුමී, කළුතර චන්ද්‍රා දයාරත්න. එයා නිසා මොපසාන්ට්ගේ අර හිත හොඳ ගණිකාව හම්බවෙනවා. බූල් ඩි සූෆ් හෙවත් චීස් බෝලයේ කතන්දරේ නිසා ප්‍රංශ සාහිත්‍යයේ දොරගුළු විවර වෙනවා. ඉතිහාසය පුරා නොයකුත් හේතු නිසා වේස කමට වැටෙන්න වෙච්චි ගෑනු අඳුන ගන්නවා. ජෝන් වැල් ජෝන් හමු වෙනවා. ප්‍රේමයත් සම්ප්‍රදායත් අතර අතරමං වුනු එමා බොවාරි සහ ඇනා කැරනිනා හම්බවෙනවා. පොත් කියවන්න විතරක් නෙමෙයි ඒ ගැන කතා කරන්න දැන් මට ගුරුවරයෙක් ඉන්නවා. මුල්ම වතාවට මං වගේ දොලොවක් අතර ජීවත් වෙන වැඩිහිටියෙක් හම්බවෙනවා. එයා මගේ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරු උනත් ඉස්කොලෙන් නෙමෙයි නිසා මං එයාට කිව්වේ ලිට්‌ ආන්ටි කියලා. එයා හම්බ නොවුනා නම් මගේ ඉරණම වෙනස් වෙන්න තිබුණ, අම්ම මට මාෂා සහ වළහා ගෙනත් නොදුන්නා නම් වගේම. අල්තිනායිට දුයිෂෙන් හම්බ නොවුනා නම් වගේම.

ඔන්‍න‍ අනිත් අතින් ජේන් අයර් අර උඩ තට්ටුවේ රහස් කාමරේක හිර කරපු රොචේස්ටර්ගේ පිස්සු බිරිඳ හොයා ගන්නවා. මට අවුරුදු දාසයක්‌ විතර ඇති. ජේන් යන්න යනවා ආපහු නොඑන්නම. කාලෙකට පස්සේ එයාට රොචෙස්ටර් හම්බවෙනකොට එයා අන්ධ වෙලා. වදරින් හයිට්ස් වල කැතරින් සහ හීත්ක්ලිෆ්ගේ ප්‍රේමය සංසාරික ප්‍රේමයක් කියලා ලිට්‌ ආන්ටි කියනවා මට මතකයි. රුසියන් සාහිත්‍යයෙන් ඉංග්‍රීසියට, ප්‍රංශ සාහිත්‍යට, ලතින් ඇමරිකානු සාහිත්‍යට විතරක් නෙමෙයි ඉන්දියන් සාහිත්‍යටත් අන්තිමට ලෝකේ වටේ කරක් ගහල සුනේත්‍රා රාජකරුනානායකගේ ප්‍රේම පුරාණය දක්වා ඇවිදන් එන්නත් පුළුවන් උන එක ලොකු දෙයක්. අනේ, ඒ පොත් පත ගැන කියල ඉවර කරන්න පුළුවන්ද? ඔක්කොම කියන්න ගියොත් කෙනෙක් හිතයි පාණ්ඩිත්වය ප්‍රදර්ශනය කරනවා කියල. අනෙක ඒ පොත් කියවල නැති කෙනෙකුට මේ කිසි දෙයක් දැනෙන්න නැති වෙන්නත් පුළුවන්.

කියවීම තුලින් මම වෙන සමාන්තර ලෝකයක් හොයා ගත්තා. මේ ලෝකෙදි මම ඉස්කෝලේ යනවා, විභාග පාස් කරනවා, නාට්ටි තරඟ වලට යනවා, අම්මගෙන් බැනුම් අහනවා, කනවා, බොනවා, නිදා ගන්නවා. ඇත්ත ජීවිතේ දන්න අඳුනන කට්ටිය වගේම මිනිස්සු ගොඩක් මම අර සමාන්තර ලෝකයේදී හම්බවෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇත්ත ජීවිතේදී මිනිස්සුන්ගේ නොදකින මානයන් සාහිත්‍ය ලෝකයේදී හොඳින් අහු වෙනවා. ඇත්තටම මේ ලෝකේ ඒ ලෝකේන් බාගයයි. සැබෑ ලෝකයට වඩා සැබැයි. කියවපු හැම පොතක් ගැනම තව පොතක් ලියන්න පුළුවන් තරමට‍ ඒ පොත් අපේ ජීවිතේට බද්ධ වෙනෙවා. අළුත් ගුරුවරුන්, පෙම්වතුන්, යාළුවන් හරහා අළුත් ලේඛකයෝ හා පොත් පත් ජීවිතේට එකතු උන එක කොච්චර අපූරුද?

සැබෑ සහ සාහිත්‍ය ලෝක දෙක මද අතරමං වෙන විදිහටම සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙක අතර මම දෝලනය වෙනවා. කාලයක් ඉංග්‍රීසියෙන්ම කුරුටු ගගා හිටපු මට තිස්ස හම්බ වෙන එකත් පළමු ගුරුවරයා හමු වෙනෙවා වගේම වැදගත්. අවාසනාවකට මට තිස්ස ඇසුරු කරන්න ලැබුනේ අවුරුද්දයි. නමුත් ඒ කෙටි කාලය තුල තිස්ස මට පුංචි පහන් සිළුවක් දුන්න නොනිවා ගෙනියන්න. එයාගේ පුස්තකාලයෙන් කාවෝ කාල පිටු හැළෙන අමරිකන් කෙටි කතා පොත් ගෙනවිත් එයා මට ගෙදර වැඩ දුන්න හරියට මම දෙක වසරේ ළමයෙක් වගේ. 19 වන පිටුවේ ඉඳල කියවන්න 43 පිට වෙනකන්, මේ කතාව සයිලන්ට් ස්නෝ, සීක්‍රට් ස්නෝ. ඊළඟ දවසේ අපි කාර්යාල වැඩ පටන් ගන්න කලින් ඒක ගැන කතා කරා. ඉංග්‍රීසියත් සිංහලත් යා කරපු ගෝල්ඩන් බ්‍රිජ් එකක් වගේ තිස්ස මං ඉස්සරහා හිට ගත්තා විතරක් නොවෙයි, ඒ පාළමේ ඊළඟ පුරුක ගැන හැඟීමක් මට ඇති කරා.

අද මගේ මිතුරන් අතර ලෝක දෙකක් මැද ඉන්න අය අඩුයි. සැබෑ ලොවයි සාහිත්‍ය ලොවයි දෙක දැන ගත්තත් භාෂා දෙකකින් ඒ ලෝක දෙකේ සැරිසැරූ අය බොහොමත්ම අඩුයි. වෙලාවකට සිංහලෙන් කතා කරන යාළුවන් අතරත්, ඉංග්‍රීසියෙන් කතා කරන යාළුවන් අතරත් ඒ දෙකෙන් එකක් වත් හරියට බැරි ගතියක් මට දැනෙන වෙලා එමටයි. අම්මා කියන්න වගේ වෙලාවකට එලොවටත් නැති මෙලොවටත් නැති බවක් දැනෙන වාර එමටයි.

ඒ කොයි එක උනත්, ලෝක දෙකයි භාෂා දෙකයි පොත් කියවන්න ඇස් දෙකයි ජීවිතේ මට ලැබුණු වටිනාම දේවල් නෙමෙයිද?

The Nestorian Cross

A colleague I had worked with sometime back dropped into see me this evening at my office. I was delighted to see Kalle. Usually, when projects finish, people forget you. When you no longer profit them in some way or the other, they no longer have time for you. Kalle dropped in at around one o’clock to say Hi – and probably to find out how I’m faring under the regime, whether I’m still red or blue – and our chat continued till five. I know him to be an old foot of the left, with whom I have plenty of ideological common ground.
I can’t quite say how Kalle ended up telling me about a parents’ meeting at his daughter’s school – it must be the first time we ever refered to something personal – but I found out that his daughter is a Sirimavian. His description of the meeting rang a bell. Aha! I told Kalle about how I ended up in Sirimavo Bandaranaike Vidyalaya for the last two years of my schooling. Kalle immediately gasped that there’s no trace of a Sirimavian in me.

Indeed. I am not much of a Sirimavian. I just had to meet Kalle to realise that!

Should you care to read here’s the story. At least Kalle found it interesting… 🙂

I turned six in Nineteen Eighty Six, when bombs were popping-up around the corner every now and then like a carnival in town. Colombo was totally unsafe terrain. Our red brothers, probably Kalle could tell you more about them, were bleeding our streets with tyre-pyers. That was when my very young single mother had to decide all alone which school to send me to. She couldn’t think of sending me to a Colombo school, and so my mother saved me from a life-long complex, or perhaps replaced it with another one. Maybe she thought it is better to be at least Convent-educated if not Colombo-educated. And so I ended up in a small town convent school of 800 students, run by Roman Catholic nuns. Not to mention that my home town is home to hard-core Buddhists. I don’t know how my poor mother had the sense to make such a decision but I thank the Lord in Heaven that she did. She probably thought it was the practical thing to do, because she could just walk with me to school.
If anyone’s interested in a colourful account of my Sister Principal Mary Dhammika – bless her soul – read the story Silent Night, Whispering Night. She was a character. Our Catholic nuns were Victorian Virgins Par Excellence. But in that small town back in the Eighties they were less classist, and more inclusive in many ways than their counterparts in Colombo. For one, it was a convent full of Buddhists. And poor Anglicans were way down in the hierarchy than us. Of course, I never made it to Shakespeare competitions, because no one in my small school knew that such a thing existed, but still that convent gave me enough drama to get out of my shell.

Twelve solid years of that Roman Catholic education and I find that I have to do two more in Sirimavo Bandaranaike Vidyalaya Colombo Seven. So there I am. No more Hallelujas. No more Hail Marys. I walk in from the gate and a gigantic, blindingly white Buddha greets me. In Sirimavo we call our teachers ‘Madam’. In our convent we just called them Teacher. So instead of Shanthi teacher and Doris teacher and Sister Celine, we had Ekanayaka Madam and Kulasooriya Madam. The madams wore Kandyan Sarees mostly. The Monday morning assemblies were long drawn sermons of how Sirimavo makes “Kula Kaanthawan” out of us poor souls. Literally, Ladies of High Caste, meaning Ladies of High Class in a more Sinhala Buddhist sense. Not that things were so much better in the convent school. There we were supposed to grow up to become Mothers or Nuns. I’ve grown up to become neither, but at least I appreciate having a choice.

I had quite forgotten about it, but in Sirimavo, I started wearing a cross. It was a small Nestorian Cross of silver tinted metal. We couldn’t wear chains or anything so I attached it to my wrist watch. For me it must have been a cross of nostalgia. But I recall how it drew attention. Many ‘madams’ noticed the cross, and asked me if I am Christian. I said I wasn’t but I was from a convent school. I remember the puzzeled look they gave me.

Looking back, I can see how clearly I had enjoyed that opportunity to slap that identity marker across their faces. I can’t fathom what they must have thought of me. I couldn’t care less. Even today.

I didn’t understand what I was going through back then but it must have been a culture-shock. The distance between the teachers and students, the quality of that relationship, the unbridgable difference between a nativity play and a pirith mandapa, left me bedazzled. Now please, Sirimavo is a great school. I mean no disrespect. It has taught me as much as the convent and perhaps more. But I realise it had been painfully Sinhala-Buddhist to me. Even more chronic than our Catholic convent. I remember one madam saying, ‘we don’t want to make good doctors, we want to make good mothers’. Sirimavo, named after the first woman prime minister of the world, that aspired to manufacture high-caste mothers. How ironically Sinhala Buddhist is that?

It was suffocating. It was insular. It was pedantic. Parochial. Paranoid. To be there in that environment devoid of music or culture. It kills creativity and gears you up for 4 A’s.

I never understood any of this then. Perhaps it is good that I didn’t. I just wore a Nestorian Cross for two years. Silently. Only answering when an explanation was called for. All I knew was that I found it difficult to fit in and I missed my old nunnery. I missed the carols and the nativity plays and the English Days. So I thought it was just nostalgia, that cute little Nestorian cross. It had nothing to do with faith. Or dissent.It was something I did unconsciously, almost.

But Kalle tells me it is, indeed, dissent. I don’t know if he’s right. I guess so. I have no recollection of wearing that Nestorian Cross after I left Sirimavo. I can’t ever remember giving it a second thought until today.

But I confess I love crosses. The three petal Nestorian beauty being my favourite. They discovered a most delicately chiselled Nestorian cross I posted above in Anuradhapura. From 5th century AD, if I remember my facts right. I love this cross as much as I love the Avukana Buddha.

I haven’t worn or owned a crucifix since I left Sirimavo. Perhaps I still carry one, invisibly, who knows. It certainly isn’t a cross of faith, though.

A cross is the most powerful symbol in the world.

To date, I stare, every time I see one.