සිතුවිල්ලක ඉතිහාසය : තීන්ත සුන්දරීගේ කථා වස්තුව

පුංචි කාලේ අපි පැන්සලෙන් ලියනකොට පෑනෙන් ලියන එක දැනුනේ මහා වික්‍රමයක් වගේ. පෑන් පාවිච්චි කරන්න දුන්නේ පහ වසරේ ඉඳල. ඉතින් බින්දුවේ ඉඳල පහ වසර වෙනකන් පැන්සලෙන් කුරුටු ගගා හිත යටින් පෑනකින් ලියන දවස ගැන අපි හීන මැව්වා.

පහ වසරට ආවම මගේ සීයා මට පාකර් තීන්ත පෑනක් තෑගී දුන්නෙ, ඉන්දියන් නිල් තීන්ත කූඩුවකුත් එක්ක. ඒක ලස්සන කළු පෑනක් රත්තරන් පාට විල්ලකුත් එක්ක. සීයා පෑන ගලවලා තීන්ත පුරවන හැටි, තීන්ත ඉහිරුනොත් බ්ලොටිං පේපර් තියල තීන්ත අයින් කරන හැටි දීර්ඝ විස්තර සහිතව කියල දුන්නා. හරියට ගම් වල කෙල්ලෝ ලොකු උනාම ගෑනු කම ලජ්ජා බය ගැන අම්මලා කියල දෙනවා වගේ. නිකන් පෑනක් වගේ නෙමෙයි තීන්ත පෑන පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. බිම වැටුනොත් කටු ගෑවෙනෙවා. ලියල ලියලම පෑන තමන්ගේ උනාම තමයි ලස්සනටම අකුරු ලියවෙන්නේ. පාකර් පෑනක් ජීවිත කාලයක් පුරාවට තියෙන සම්බන්ධයක්. ටි‍ක කාලෙකින් පෑන තමන්ගේ අතේ කොටසක් වෙනෙවා, හිතේ දිගුවක් වෙනෙවා. පාකර් පෑන තමයි ලෝකේ හොඳම තීන්ත පෑන කියල සීයා කිව්වා.

ඉන්දියන් නිල හරිම ලස්සනයි. සුදු පාට කොලේ උඩ බෝල බෝල සිංහල අකුරු, ලියවැල් වගේ දිගටි ඉංග්‍රීසි අකුරු ලියනකොට අතට බරක් දැනෙනවා. හිතට සතුටක් දැනෙනවා. හිටි හැටියේ තීන්ත හිර වුනොත් පෑන ටිකක් ගසනවා. සමහරවිට පොතේ හරි සුදු ගවුමේ හරි තීන්ත බිංදු ඉහිරෙනවා මල් වැස්සක් වගේ. සිතුවිලි වල, අකුරු වල, භාෂාවක ලස්සන මතු වෙන්නේ තීන්ත වල සුන්දරත්වය තුලින් කියල මට හිතෙනවා.

පරණ උනාම, තීන්ත හිඳුනම අද කාලේ ආදරේ වගේ පාවිච්චි කරලා වීසි කරලා දාන කාබන් පෑන් වගේ නෙමෙයි පාකර් තීන්ත පෑන, ජීවිත කාලයක් පුරා තීන්ත උනන, හිත පතුලේ තියෙන දෙයක් උනත් අකුරු කරලා වෙන කෙනෙකුට දැනෙන විදියට කියන්න පුළුවන් මැජිකල් දෙයක්. ආදරෙන් පරිස්සමින් පාවිච්චි කළා නම් ළමයෙකුට හරි දෙන්න තිබුන. දැන් නම් ආදර හසුන් වගේ ඒක පැරණි ලෝකයකට, කටුගෙයකට අයිති දෙයක් වෙලා. ඇඟිලි තුඩු ළඟට කී බෝඩ් එක, මොබයිල් ෆෝන් එක ඇවිල්ලා.

සීයා දුන්න තීන්ත පෑන මගේ අතින් නැති උනේ කොහොමද, කවදද කියල මට හරියට මතක නැහැ.

ඒත් සැරින් සැරේ මතක් උනාම මම තාම ඒක හොයනවා.

Advertisements

Tell Ink Beauty what you think of this post...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s